මෙය මගේ ප‍්රතම සිංහල බ්ලොග් සටහනයි. මේ සදහා මම ෆයර්ෆොක්ස් හි ඈඩොන් එකක් වන “සිංහල කී” යොදාගත්තෙමි. මෙය මට නව අත්දෑකීමක් වුවත් එහි වෑදගත්කම නම් ඉතා පෑහෑදිලිය. මක් නිසාද යත්, බහුතරයක් ලාංකික ජනතාවට සමීප භාෂාවක් වන සිංහල බස අන්තර්ජාලයට ඈතුලත්වීමත් සමග පෙරදී වෑසී තිබූ බොහෝ දොරටු සිංහල කතාකරන ජනතාවට විවුර්ත වීමයි.
ඔබ බොහෝ දෙනෙකු දන්නා පරිදි චීනය, ජපානය ආදී බොහෝ රටවල් තම රටෙහි මව් භාෂාව අන්තර්ජාලයීය භාෂාව ලෙසද යොදාගන්නවා. ඒ තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රටෙහි සියලු දෙනාටම තොරතුරු තාක්ෂනයේ ඵල නෙලාගනීමට අවස්ථාව ලබාදීමටයි. ලංකාවේ ජනතාව අතුරින් තොරතුරු තාක්ෂන සාක්ශරතාව ඉතා අඩු මට්ටමක පෑවතියත් ලංකාවට මෙම කශේත‍්රයේ ඉහල දියුනුවක් ලබා ගෑනීම පහසු කටයුත්තක් වනු ඈති බව මගේ විශ්වාසයයි. කෙසේ වුවත් ඕනෑවට වඩා බලාපොරොත්තු තබා ගෑනීමට වඩා වෑදගත් වනුයේ එම බලාපොරොත්තු සඵල කරගෑනීම සදහා වෙහෙසීමයි. විශ්වවිද්යාල සිසුන් වශයෙන් අපගේ යුතුකම වියයුත්තේද අන් කිසිවක් නොව අප ඉගෙනගන්නා දෙය අප රටෙහි සුවහසක් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා යෙදීමයි. එම කර්තව්යයෙහි යම් තරමක හෝ කාර්යභාරයක් සිදු කිරීමට මට හෑකිවේ නම් එය මට සතුටකි.








September 7, 2008 at 7:38 pm
Any sinhala bloggers out there? Would like to hear from you.